Bitcoin කියන්නේ මොනාද

අද අපි කතා කරන්න යන්නේ සමහර කට්ටිය දැනටමත් දන්න සමහර කට්ටිය දැනට  නොදන්නා දෙයක් ගැන .ඒ තමයි Bitcoin   ගැන .දැන් නම් ලංකාවේ ගොඩක් කට්ටියට මේ ගැන පොඩි අවබෝධයක් තියෙනවා .කොහොම උනත් ඔයාල ගොඩක් නොදන්නා කරුණු මේකෙන් දැන ගන්න පුළුවන් වෙයි කියලා මන් හිතනවා .





මුදල් කියන දේ අපිට ගොඩක් වැදගත් දෙයක් .අපි දන්නවා මේවා print කරන්නේ  ඒ ඒ රටවල central bank එකෙන් කියලා.ඒ වුනාට අපි දන්නවා රටකින් තවත් රටකට සල්ලි යවද්දී අපිට ගොඩක් ප්‍රශ්නයි ,වෙලාවයි යනවා .අන්න එකට විසදුමක් ලෙස තම මෙන්න මේ electronic cash system කියන සංකල්පය 2008 විතර වෙනකොට එන්නේ .මෙන්න මේ  electronic cash system එක කියලා කියන්නේ මුදල් නෝට්ටු කාසි වගේ ඒවගෙන් තොර digital recorde එකකට .එක නිසා එක රටකින් තවත් රටකට ලෙහෙසියෙන්ම යවන්නත් පුළුවන් අය කිරීමකින් තොරව .ඉතින් මේක පාලනය එහෙම කරන්න එහෙම කවුරුත් නෑ .මේක control වෙන්නේ සම්පුර්ණ software system එකකින් නැත්නම් අපිට කියන්න පුළුවන් එක control වෙන්නේ computer algorithm එකකින් .

දැනට ලෝකයේ මේ digital currency වර්ග ගොඩක් තියෙනවා .මෙන්න මේවට තමා අපි කියන්නේ cryptocurrency කියලා .එකෙන් දැනට මිල අදිකම cryptocurrency එක තාම මේ bitcoin කියන්නේ .දැනට bitcoin එකක් usd 6298.70 විතර වෙනවා .දැන්  ඒ කියන්නේ මේ blog එක ලියනකොට නම් bitcoin එකේ වටිනාකම ටිකක් අඩු වෙලා .15 December 2017  වෙද්දී මේ currency එක $17900ට  වගේ ලොකු වටිනකමක තමා තිබ්බේ .

ඉතින් අපි බලමු මේ bitcoin කොහොමද අපි use ක‍රන්නේ කියලා .අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ bitcoin exchange එකකට ගිහින් bitcoin wallet එකක් හදාගන්න එක .එතකොට අපිට පුළුවන් bitcoin මිලදී ගන්න bitcoin කාටහරි යවන්න ඒ වගේම bitcoin කවුරු හරි එවුවොත් ඒවා ගන්නත් පුළුවන් .

මම කිවුවා නේ මේ cryptocurrency කියන්නේ digital recode එකක් කියලා .එතකොට අපිට හිතෙනවා මේක ඉතා ඉක්මනින් hack කරන්න පුළුවන් system එකක් කියලා නමුත් මේකේ security එක අපිට හිතන්නවත් අමාරු මට්ටමක තියෙන්නේ.මේකේ දී අපිට හිතෙනවා ඉතාමත් ලෙහෙසියෙන් ඒ අනුව මේක hack කරලා මේ system එකට වංචා කරන්න පුළුවන් කියලා .මේ ගැටලුවට අපි කියන්නේ DOUBLE SPENDING PROBLEM කියලා මෙන්න මේකට විසදුමක් හොයාගන්න පළමු කෙනා තමා satoshi nakamoto කියලා කියන්නේ. නමුත් මේ satoshi nakamoto කියන්නේ team එකක්ද නැත්තන් එක් කෙනෙක්ද නැත්නම් සංවිධානයක් ද කියලවත් දන්නේ නෑ . මේ ගැටලුවට හොයාගත්ත විසදුම තමා decentralized ledger එකක් .



මේකට අනුව මේ ඔක්කොම transaction මේ ledger එකේ සටහන් වෙනවා .නමුත් මේ ledger එක කවුරු හරි access කරොත් එක එයාට පුළුවන් මේ  system එක සම්පුර්ණයෙන්ම බිදවට්ටන්න .අන්න ඒ නිසා මේ system එක encrypt කරලා තියෙන්නේ ඒවාට use කරලා තියෙන්නේ cryptography . මේ encrypt එක කඩලා මේ system එක ඇතුලට ගියත් මේක decentralized කරලා තියෙන්නේ මේක ලෝකයේ මිලියන ගානක් computer වල තියෙන නිසා මේ system එක hack කරන එක කවදාවත් කරන්න බෑ .

මේ ledger එක පොඩි පොඩි කොටස් වලට කඩල තියෙන්නේ . ඒවාට කියන්නේ block කියලා .මේ block එකිනෙකට සම්බන්ධවෙලා තියෙන්නේ hashcode එකකින් .ඒ අනුව මේක ලොකු ජාලාවක් එක නිසා අපි මේකට කියන්නේ blockchain එක කියලා .මේ hashcode ඉතාම වෙනස් දෙයක් .එක block එකකට පුළුවන් කාලයක් ගිහාම තවත් block එකක් හදන්න අන්න ඒවා එකිනෙට සම්බන්ද වෙන්නේ මෙන්න මේ කියන hashcode එකෙන් .එක hashcode එකකින් පුළුවන් ඊට කලින් block එක හදුනා ගන්න නමුත් එක  hashcode එකේ කොටසක් විතරයි අන්න ඒ නිසා මේ bitcoin වල ආරක්ෂාව තවත් වැඩි වෙලා තියෙනවා .

දැනට ලෝකයේ ගොඩක් රටවල් මේ bitcoin use කරනවා .ලංකාවෙත් ගොඩක් දෙනා මේ පැත්තට දැන් යොමු වෙලා තියෙනවා .සමහර රටවල super market , shopping mall වල පවා cryptocurrency වලින් ගෙවීම් කරනවා ලංකාවෙනම් තාම එච්චර දුරට cryptocurrency ප්‍රසිද්ධ නෑ .නමුත් කාලයත් සමග ලංකාවටද cryptocurrency අලුත් දෙයක් නොවේවි .එදාට අපි crypto currency දැන සිටීම වැදගත් .



ජය වේවා !!!