Ionic පාඩම් 01


                                                              Ionic පාඩම් අංක  01



අද ටිකක් වෙනස් topic එකක් ගැන කතාකරන්න හිතුවා .
හැමදාම අපි කතා කරේ html ගැන නේ ,අද අපි එක ටිකටට නවත්තලා ටිකක් වෙනස් දෙයක් ගැන කතා කරමු .ඒ තමයි mobile development fremework එකක් ගැන.මේක ටිකක් අනිත් ඒවගෙන් වෙනස් .ඒ තමා ionic කියන fremework එක මේක ටිකක් වෙනස් කියල මන් කිවුවනේ ..සාමාන්යෙන් android වලටයි ios වලටයි වෙන වෙනවා අපි mobile app වෙන වෙනම හදන්න ඕනේ ,එත් මේ ionic එකේදී එහෙම නෑ .මේ fremework එකෙන් පුළුවන් මේ දෙක ම එක පාර code කරන්න පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරලා .දැනට තියන හොදම fremework එකක් තමා ionic එක කියන්නේ .     


ඉස්සෙල්ලා ම අපි මේ ionic කියන fremework එක ගැන දැන ගන්න ඕනේ.එකට මෙන්න මේ පහල තියන link එකට ගිහාම
website එක අපිට බලාගන්න පුළුවන්


https://ionicframework.com/













මෙන්න මේ වගේ interface එකක් තමයි අපිට display වෙන්නේ. ඉතින් එකේ තියන get started කියන එකට ගිහාම අපිට පුළුවන් documentation කියන තැනට ගිහාම අපිට ionic install කර ගන්න ඕනේ විදිහ පිලිවලට තියෙනවා .


ඉස්සෙල්ලම අපි ionic දාගන්න කලින් node.js දාගන්න ඕනේ .එකට මෙන්න මේ link එකට ගිහින් තියන අලුත්ම version එක install කර ගන්න 



ඊට පස්සේ තමා cmd එකේ හරි terminal එකේ හරි මෙන්න මේ command එක run කරන්න ඕනේ .

npm install -g ionic

එතකොට ඔයාලගේ computer එකට ionic install වෙනවා .ඊට පස්සේ අපි කරන්න ඕනේ අලුතින් ionic app එකක් create කර ගන්න එක එකට අපිට පුළුවන් මෙන්න මේ command එක use කරලා app එකක් create කර ගන්න .

ionic start myApp tabs




මේකේ myapp කියල තියෙන්නේ අපි create කරන app එකේ නම ඒ නිසා අපිට පුළුවන් අපි කැමති නමක් මේකට දාන්න. ඒ වගේම තාම මේ tabs කියන එක වෙනුවට අපිට පුළුවන් tabs ,blank ,sidemenu වගේ ඒවා use කරන්න එතකොට පුළුවන් අපිට ලැබෙන app එකේ interface එක මෙන්න මේ විදිහට වෙනස් වෙනවා .







අදට අපි කතා කරන්නේ මෙච්චරයි ...


ඊලග දවසේ අපි තවත් පාඩමකින් හමුවෙමු ..





ජය වේවා !!!!